පිලිප්පිවරුන්ට යවන ලද පොලිකාප්තුමාගේ ලිපිය

Based on the English Translation of Alexander Roberts and James Donaldson. You can access the English version by clicking here (NewAdvent.org).

සුබපැතුම්

පොලිකාප් සහ ඔහු සමඟ සිටින වැඩිමහල්ලන් විසින් පිලිප්පියෙහි වාසය කරන දෙවියන් වහන්සේගේ සභාවට: සර්වබලධාරි දෙවියන් වහන්සේගෙන් සහ අපගේ ගැලවුම්කාර ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඔබලාට දයාවත් සාමයත් වැඩි වේ.

1 වන පරිච්ඡේදය – පිලිප්පිවරුන්ට ප්‍රශංසා කිරීම

ඔබ සැබෑ ප්‍රේමයේ ආදර්ශය [දෙවියන් වහන්සේ විසින් පෙන්වන ලද පරිදි] අනුගමනය කර ඇති බැවින් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මම ඔබ සමඟ බොහෝ සෙයින් ප්‍රීති වෙමි. එසේම ඔබ මෙන්ම සාන්තුවරයන්ට සුදුසු ආභරණ වන යදම්වලින් බැඳ ඇති අයට ඒවා සැබවින්ම දෙවියන් වහන්සේගේ සහ අපගේ ස්වාමින්වහන්සේගේ සැබෑ තෝරාගත් අයගේ ඔටුනුමෙන් වේ. එසේමපිලිප්පි 1: 5කතා කර ඇති ඔබේ ඇදහිල්ලේ ශක්තිමත් මුල් නිසා,  බොහෝ කල් ගත වී ඇති වූවද, අද දක්වා අය විඳදරාගෙන සිටින්නෙහිය. එසේ ඔබ අපගේ පාප නිසා මරණය දක්වා දුක් විඳි අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේට ඵල දරන්නෙහිය. එහෙත් දෙවියන් වහන්සේ සොහොනේ යදම් බුරුල් කර, උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිටෙවූ සේක. දැන් ඔබ උන් වහන්සේ නොදුටු නමුත්, උන් වහන්සේ තුළ  ඔබ විශ්වාස කරන්නෙහිය. එසේ විශ්වාස කිරීමෙන් කිව නොහැකි තරම් වූ ප්‍රීතියකින් ප්‍රීති වන්නහුය. 1 පේදුරැ 1: 8. බොහෝදෙනෙක් එම ප්‍රීතට ඇතුළු වීමට ආශාවෙන් සිටිති. ක්‍රියාවලින් නොව අනුග්‍රහයෙන් ඔබ ගැලවීම ලැබූ බව දැනගෙන එපීස 2: 8-9, එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් සිදු වී ඇත.

2 වන පරිච්ඡේදය – ගුණධර්ම සඳහා ධෛර්ය දීමක්

එබැවින්, ඔබේ ඉඟපටිය බැඳගෙන, 1 පේදුරැ 1:13; එපීස 6:14 භයෙනුත් සැබෑකමෙනුත් සමිඳාණන් වහන්සේට සේවය කරන්න. සමහරුන් මෙන්, නිෂ්ඵල, හිස් කතා හා බොහෝ දෙනෙකුගේ වැරදි දේවල් අත්හැර, අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කොට, උන් වහන්සේට මහිමය දුන් තැනැන් වහන්සේ විශ්වාස කළ 1 පේදුරැ 1:21 සහ ඔහුගේ දකුණුපස සිංහාසනයක් ලබා දුන්නා වූ තැනැන් වහන්සේ විශ්වාස කරන්න. 1 පේදුරැ 3:22; පිලිප්පි 2:10 ස්වර්ගයේ හා පොළොවේ සියලු දේම උන් වහන්සේට යටත්ය. සියලුම ආත්ම උන්වහන්සේ සේවය කරති. උන්වහන්සේ ජීවත්ව සිටින අයගේ හා මළවුන්ගේ විනිශ්චයකරු ලෙසෙ පැමිණෙන සේක. ක්‍රියා 17:31 උන්වහන්සේ විශ්වාස නොකරන අයගෙන් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රුධිරය ඉල්ලා සිටිනු ඇත. එහෙත් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ අප උන්වහන්සේගේ කැමැත්ත කළහොත්, උන් වහන්සේගේ ආඥා අනුව ගමන් කළහොත්, උන්වහන්සේට ප්‍රේම කළ දෙයට ප්‍රේම කරනවා නම්, සියලු අධර්මිෂ්ඨකමින්, තණ්හාව, මුදලට ඇති ආදරය, නපුරු කතා, බොරු සාක්ෂිවලින් සහ නපුරට නපුර කිරීමෙන් වැළකී සිටිනවා නම්; 1 පේදුරැ 3: 9 නැතිනම් එකට එක, පහරට පහර දීම හෝ ශාප කිරීමට ශාප කිරීම නොකරනවා නම්, අපද මළවුන්ගෙන් උත්ථාන කරනු ඇත. එසේ ස්වාමින් වහන්සේ සිය ඉගැන්වීමේදී පැවසූ දේ පිළිබඳ සිහියෙන් යුක්තව සිටිය යුතුයි. ඔබ විනිශ්චයට පත් නොකරන පිණිස විනිශ්චය නොකරන්න. මතෙව් 7: 1 සමාව දෙන්න, එවිට ඔබට සමාව ලැබේ. ඔබට කරුණාව ලැබෙන පිණිස කරුණාවන්ත වන්න. ලූක් 6:36 ඔබ මනින මිනුමෙන්ම නැවත ඔබවද මනිනු ලැබේ. මතෙව් 7: 2; ලූක් 6:38 නැවත වරක් දිළින්ඳෝ භාග්‍යවන්තයෝය. එසේම ධර්මිෂ්ඨකම නිසා පීඩාවට පත් වන අය භාග්‍යවන්තයෝය. මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔවුන්ගේය.

3 වන පරිච්ඡේදය – පෞද්ගලික නුසුදුසුකම ප්‍රකාශ කිරීම

සහෝදරවරුනි, ධර්මිෂ්ඨකම ගැන මේ දේවල් මම ඔබට ලියන්නේ, මට කිසිවක් ලැබෙන නිසා නොව, එසේ කිරීමට ඔබ මට ආරාධනා කළ නිසාය. මක්නිසාද ආශිර්වාද ලත් හා මහිමයට පත් පාවුල්තුමාගේ 2 පේදුරැ 3: 15 ප්‍රඥාවේ මට්ටමට මට හෝ වෙනත් කිසිවෙකුට ළඟා විය නොහැකිය. ඔහු, ඔබ අතර සිටින විට, එවකට ජීවත්ව සිටි අය ඉදිරියේ සත්‍ය වචනය නිවැරදිව හා ස්ථිර ලෙස ඉගැන්වීය. ඔහු ඔබෙන් ඉවත්ව සිටින විට, ඔබට ලිපියක් ලියා ඇති අතර, ඔබ හොඳින් අධ්‍යයනය කළහොත්, ඔබට ලබා දී ඇති ඇදහිල්ල තුළ සහ එයින් ඇති වන බලාපොරොත්තුව සහ දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ මෙන්ම අපගේ අසල්වැසියා අප සියල්ලන්ගේම මව වෙත වූ ප්‍රේමය ඔබ තුළ ගොඩනැගීම උදෙසා එය ඉවහල් වන බව පැහැදිලිය.  ගලාති 4:26 මක්නිසාද යමෙකුට මේ අනුග්‍රහය ඇතුළාන්තයේ පවතී නම්, ඔහු ධර්මිෂ්ඨකමේ ආඥාව සම්පූර්ණ කර ඇත. මන්ද ප්‍රේමය ඇති තැනැත්තා සියලුම පාපවලින් ඉවත්ව සිටින බැවිනි.

4 වන පරිච්ඡේදය – විවිධ අනුශාසනා

එහෙත් මුදල්වලට ඇති ආදරය සියලු නපුරුකම්වල මුල වේ. 1 තිමෝති 6:10.ඒ බව දැනගෙන, අප කිසිවක් ලෝකයට ගෙනාවේ නැති බැවින් අපට කිසිවක් මේ ලෝකයෙන් ගෙන යාමටද නොහැකිය. 1 තිමෝති 6: 7අපි ධර්මිෂ්ඨකමේ සන්නාහයෙන් සන්නද්ධ වෙමු. එපීස 6:11 එසේම, සියල්ලට පළමුවෙන්, ස්වාමින් වහන්සේගේ ආඥාවලට අනුකූලව ගමන් කිරීමට අපි අපට උගන්වමු. ඊළඟට, ඔබේ භාර්යාවන්ට ලබා දී ඇති ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් හා නිර්මලකමින් ගමන් කිරීමටත්, තමාගේ ස්වාමිපුරුෂයන්ට සියලු ආකාරයේ සැබෑකමින් යුක්තව මුදු මොළොක් ලෙස ප්‍රේම කරන්නටත්, අනෙකුත් සියලු දෙනාට එක සමානව සලකමින්  ප්‍රේම කිරීමටත් උගන්වමු. එසේම දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමින් සහ උන් වහන්සේ කෙරෙහි බියෙන් සිටින පිණිස තම දරුවන් පුහුණු කළ යුතුය. ස්වාමින් වහන්සේ තුළ ඇදහීමෙන් යුක්තව නොකඩව යාච්ඤා කරමින්, ගෞරව ලැබීමට සුදුසු පරිදි හැසිරීමට වැන්දඹුවන්ට උගන්වන්න. 1 තෙසලෝනික 5:17. ඔවුන්  දෙවියන් වහන්සේගේ පූජාසනය බවත්, උන් වහන්සේ සියල්ල පැහැදිලිව දකින බවත්, කිසිම තර්කයක්, ඡායාවක් හෝ හදවතේ ඇති කිසිම රහසක් උන් වහන්සේගෙන් සැඟවී නැති බවත් දැනෙගන සියලු ආකාරඅපහාස කිරීම්, නපුරු කතා, බොරු සාක්ෂි දැරීම, මුදල් කෙරෙහි ඇති ආදරය සහ සෑම ආකාරයකම නපුරෙන් ඉවත්ව සිටීමටසියලු දෙනාටම උගන්වන්න.

5 වන පරිච්ඡේදය – උපස්ථායකවරුන්, තරුණයින් සහ කන්‍යාවන්ගේ යුතුකම්

දෙවියන් වහන්සේට සරදම් කළ නොහැකි බව දැනෙගන, ගලාති 6: 7 අප උන් වහන්සේගේ ආඥාවලට හා මහිමයට ගැළපෙන ලෙස ගමන් කළ යුතුය. ඒ ආකාරයටම උපස්ථායකයන් මනුෂ්‍යයින්ගේ නොව, දෙවියන් වහන්සේගේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයින් ලෙස දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨභාවය ඉදිරියේ නිර්දෝෂී අය විය යුතුය. ඔවුහු අපහාස නොකරන, සත්‍ය කතා කරන, 1 තිමෝති 3: 8. මුදල්වලට ඇලුම් නොකරන අය විය යුතුය. එහෙත්සියල්ලෙහිදි ඉවසිලිවන්ත, දයානුකම්පිත, කඩිසර, ස්වාමින්වහන්සේගේ සත්‍යයට අනුව ගමන් කරන, සියල්ලන්ගේම සේවකයා වූ මතෙව් 20:28 කෙනෙකු විය යුතුය.මේ ලෝකයේදී අපි උන් වහන්සේට ප්‍රසන්න ලෙස ජීවත් වන්නෙමු නම්, අපට අනාගත ලෝකයද ලැබෙනු ඇත. මන්ද උන් වහන්සේ අප මළවුන්ගෙන් උත්ථාන කරන බවට පොරොන්දු වී ඇති නිසාය. එසේම අපි උන් වහන්සේට සුදුසු පරිදි ජීවත් වන්නෙමු නම්, අපි උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමුව. 2 තිමෝති 2:12. එය ලැබෙනුයේ අප විශ්වාස කරන්නේ නම් පමණි.

ඒ හා සමානව, තරුණයින්ද සෑම දෙයකදීම නිර්දෝෂී විය යුතුය, විශේෂයෙන්ම පාරිශුද්ධත්වය ආරක්ෂා කර ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.එසේම සෑම ආකාරයකම නපුරකින් මිදීම උදෙසා වළල්ලක් මෙන් රැඳී සිටින්න. මක්නිසාද සෑම තෘෂ්ණාවක්ම ආත්මයට විරුද්ධව යුද්ධ කරන බැවින්, ලෝකයේ පවතින තෘෂ්ණාවලින් ඔවුන් වෙන් වී සිටිය යුතු වේ. 1 පේදුරැ 2:11. වේශ්‍යාකම් කරන්නන්, නින්දා කරන්නන් හෝ පිරිමින් සමඟ අනාචාරයේ යෙදෙන්නන්ට 1කොරින්ති 6: 9-10 හෝ නොගැළපෙන ආකාරයට ජීවත් වන අයට දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම වන්නේ නැත. එමනිසා, දෙවියන් වහන්සේට හා ක්‍රිස්තුස් වහන්සේට මෙන් වැඩිමහල්ලන් සහ උපස්ථායකයින්ට යටත්ව, මේ ආකාර වූ සියලුම දේවලින් වැළකී සිටිය යුතුය. කන්‍යාවන්ද නිර්දෝෂී හා පිරිසිදු හෘද සාක්ෂියක් ඇතුව ජීවත් විය යුතුය.

6 වන පරිච්ඡේදය – වැඩිමහල්ලන්ගේ සහ අනෙකුත් අයගේ වගකීම්

තවද, වැඩිමහල්ලන් සැමට දයානුකම්පාවෙන් හා කරුණාවෙන් යුක්තව, ඉබාගාතේ යන අය නැවත ගෙනෙමින්, සියලු රෝගීන් බලන්නට යමින්, වැන්දඹුන්, අනාථයින් හෝ දුප්පතුන් නොසලකා නොහැර දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා ඉදිරියෙහි පෙනී සිටීමට සුදුසු අය විය යුතුය. රෝම 12:17; 2 කොරින්ති 8:31 අප සියල්ලන්ම පාපයේ ණය බරකට යටත්ව සිටින බව දැනගෙන  සියලු උදහසින් වැළකී සිටීම, පුද්ගලයන්ට ගරු කිරීම සහ අයුක්ති සහගත විනිශ්චය නොකිරීම; සියලු තණ්හාවෙන් දුරස්ව සිටීම, කිසිවෙකු ගැන ඉක්මනින් [නපුරු වාර්තාවක්] නොකිරීම, දැඩි ලෙස විනිශ්චය නොකිරීම අවශ්‍ය වේ. අපට සමාව දෙන ලෙස අපි ස්වාමින් වහන්සේගෙන් අයදින්නෙමු නම්, අපත් අනුන්ට සමාව දිය යුතුය. මතෙව් 6: 12-14 මක්නිසාද අප අපගේ ස්වාමින්වහන්සේගේ හා දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරිපිට සිටින බැවින් සහඅප සියල්ලන්ම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනයෙහි පෙනී සිටිය යුතු බැවින්, සෑම කෙනෙකුම තමා ගැනම ගණන් දිය යුතු බැවින්ය. රෝම 14: 10-12; 2 කොරින්ති 5:10. එසේ නම් දෙවියන් වහන්සේම අපට ආඥා කර ඇති පරිදි, සහ අපෝස්තුළුවරුන් විසින් අපට ශුභාරංචිය දේශනා කරනු ලැබූ පරිදි එමෙන්ම ස්වාමින් වහන්සේගේ පැමිණීමට පෙර දිවැසිවරුන් විසින් අපට ප්‍රකාශ කරනු ලැබූ පරිදි (එක හා සමානව අපට ඉගැන්නු පරිදි) අපි උන් වහන්සේට බියෙන් සහ සියලු ගෞරවයෙන් යුක්තව සේවය කරමු. විරුද්ධවාදීන්ගෙන්, බොරු සහෝදරයින්ගෙන් සහ ස්වාමින් වහන්සේගේ නාමය වංචාවෙන් දරන අයගෙන් සහ නිෂ්ඵල ලෙස මිනිසුන් බොරු දේවලට අදින අයගෙන් ඉවත්ව සිට, අපි යහපත් දේ ලුහුබැඳීම සම්බන්ධයෙන් ජ්වලිතව සිටිමු.

7 වන පරිච්ඡේදය – වංචාවෙන් වළකින්න, නිරාහාරව හා යාච්ඤා කරන්න

මක්නිසාද යමෙක් යේසුස් ක්‍රිස්තු වහන්සේ මාංශවත් වූ බව ප්‍රකාශ නොකරන යමේක් වේද, ඔහු අන්ත ක්‍රිස්තුස් වේ. 1 යොහන් 4: 3 එසේම යමෙක් කුරුසියේ සාක්ෂිය ප්‍රකාශ නොකරන්නේ නම් ඔහු යක්ෂයාගෙන්ය; එමෙන්ම යමෙක් ස්වාමින් වහන්සේගේ ඉගැන්වීම් තම තෘෂ්ණාවන්ට අවශ්‍ය පරිදි හරවා නැවත නැඟිටීමක් හෝ විනිශ්චයක් නැතැයි කියන්නේ නම්, ඔහු සාතන්ගේ කුලුඳුලා වේ. එමනිසා, බොහෝදෙනෙකුගේ නිෂ්ඵලකම සහ ඔවුන්ගේ ව්‍යාජ ඉගැන්වීම් අත්හැර දමා, පේදුරැ 4: 7 යාච්ඤාවෙන් යුක්තව, නිරාහාරව සිටිමින් ආරම්භයේ සිටම අපට භාර දී ඇති වචනය වෙත නැවත හැරෙමු. යූද් 3: 1 ස්වාමින් වහන්සේ පැවසූ ආකාරයට අප පරීක්ෂාවට නොපමුණුවන පිණිසත්,අපගේ අවශ්‍යතාවන් සැපයීම පිණිසත් සියල්ල දකින දෙවියන් වහන්සේ දෙස බලමු. මතෙව් 6:13; මතෙව් 26:41. ආත්මය සැබවින්ම කැමැත්තෙන් සිටින නමුත්, මාංසය දුර්වලය. මතෙව් 26:41; මාර්ක් 14:38.

8 වන පරිච්ඡේදය – බලාපොරොත්තුව හා ඉවසීමෙහි නොකඩව පවතින්න

එසේ නම්, අපි අපගේ බලාපොරොත්තුවෙහි සහ අපගේ පාප උසුලා ගත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන අපගේ ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව නොකඩවම නොපසුබටව සිටිමු. කිසි පාපයක් නොකළ, තමන්ගේ මුඛයේ කිසි වංචාවක් හමු නොවූ උන් වහන්සේගේ  ශරීරය කුරුසියෙහි විය. 1 පේදුරැ 2:24. 1 පේදුරැ 2: 22. එහෙත් අප උදෙසා අප උන් වහන්සේ තුළ ජීවත් වන පිණිස සියල්ල  විඳදරාගත්සේක. 1 යොහන් 4: 9. එසේ නම් අපි උන් වහන්සේගේ ඉවසීම අනුකරණය කරමු. උන් වහන්සේගේ නාමය නිසා අපි දුක් විඳින්නෙමු නම්, ක්‍රියා 5:41; 1 පේදුරැ 4:16 අපි උන් වහන්සේ මහිමයට පත් කරමු.  මක්නිසාද උන් වහන්සේ අපට මෙම ආදර්ශය 1 පේදුරැ 2:21 උන් වහන්සේ තුළම දී ඇති සේක. එය එසේ යැයි අපි විශ්වාස කළෙමු.

9 වන පරිච්ඡේදය – ඉවසීම ඉගැන්වීම

එබැවින් ධර්මිෂ්ඨකමේ වචනයට කීකරු වීමට කැපවන ලෙසත්, ඔබේ ඇස්වලින් ඔබ දැක ඇති (ආදර්ශය) පරිදි සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් යුක්තව සිටින පිණිසත්, ආශිර්වාද ලත් ඉග්නේෂස්, සොසිමස් සහ රූෆස් යන අය තුළ පමණක් නොව, ඔබ සමග සිටිනඅය අතරත්, පාවුල්තුමා තුළත්, අනෙක් ප්‍රේරිතයන් තුළ පැවති ඉවසීම අනුගමනය කිරීමට අනුශාසනා කරමි. [මෙය] පිලිප්පි 2:16; ගලාති 2: 2 නිෂ්ඵල ලෙස දිවීමක් ලෙස නොව, එහෙත් ඇදහිල්ලෙන් හා ධර්මිෂ්ඨකමේ සහතිකයෙන් යුක්තව සිදු කරන්න. එසේඔවුහුද දුක් විඳි අය සමග දැන් ස්වාමින් වහන්සේ ඉදිරියෙහි තමන්ට නියමිත ස්ථානයේ සිටින්නහුය. මක්නිසාද ඔව්හු මේ වර්තමාන ලෝකයට නොව, අප උදෙසා මැරුණු එසේම අප උදෙසා දෙවියන් වහන්සේ විසින් නැවත නැගිටුවනු ලැබූ තැනැන්වහන්සේ ප්‍රේම කළෝය.

10 වන පරිච්ඡේදය – ගුණධර්ම පිළිපැදීමට අවවාද කිරීම

එබැවින් මේ කාරණාවලදී ස්ථිරව සිට ඇදහිල්ලෙහි ස්ථිරව හා වෙනස් නොවී,ස්වාමින් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්න, සහෝදරයින්ට ප්‍රේම කරන්න, 1 පේදුරැ 2:17 එසේම එකිනෙකා සමඟ බැඳී, සත්‍යයට එකතු කරනු ලැබ, එකිනෙකා සමඟ ක්‍රියා කිරීමේදීස්වාමින් වහන්සේගේ නිහතමානී බව ප්‍රදර්ශනය කරන්න, කිසිවෙකු හෙළා නොදකින්න. ඔබට යහපත කළ හැකි විට, එය අතපසු නොකරන්න, මන්ද දීම මගින් මරණයෙන් මිදෙන බැවිනි. තෝබිත් 4:10, තෝබිත්12: 9 අන්‍යජාතීන් අතර ඔබේ හැසිරීම නිර්දෝෂීව පවත්වා ගනිමින්, 1 පේදුරැ 2:12 ඔබ සියල්ලන්ම එකිනෙකාට යටත් වන්න.1 පේදුරැ 5: 5 මන්ද එවිට ඔබගේ යහපත් ක්‍රියා ගැන ප්‍රශංසා ලැබීමටත් ඔබ තුළින් ස්වාමින් වහන්සේට අපහාස නොවීමටත් එය හේතු වේ. එහෙත් ස්වාමින් වහන්සේගේ නාමයට අපහාස කළ තැනැත්තාට දුක් වේ! යෙසායා 52: 5. එබැවින් සියල්ලන්ටම සන්සුන් බව උගන්වන්න. එසේම එය ඔබේම හැසිරීමෙන්ද ප්‍රකාශ කරන්න.

11 වන පරිච්ඡේදය – වැලෙන්ස් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම

කලක් ඔබ අතර වැඩිමහල්ලෙකු වූ වැලන්ස් ගැන මම බොහෝ සේ දුක් වෙමි. මන්ද [සභාවේ] ඔහුට ලබා දුන් ස්ථානය ගැන ඔහුට එතරම් අවබෝධයක් නොවීය. එබැවින් ඔබ වංචාවෙන් වැළකී, නිර්මල හා සත්‍යවාදී වන්නැයි මම ඔබට අනුශාසනා කරමි. සෑම ආකාරයකම නපුරෙන් වළකින්න. 1 තෙසලෝනික 5:22. මක්නිසාද මිනිසෙකුට එවැනි කාරණාවලදී තමාම පාලනය කළ නොහැකි නම්, ඔහු අනෙක් අයට අණ කරන්නේ කෙසේද? මිනිසෙකු වංචාවෙන් වැළකී නොසිටින්නේ නම්, ඔහු රූප වන්දනාවෙන් අපවිත්‍ර වී විජාතීන්ගෙන් කෙනෙකු ලෙස විනිශ්චය පත් කරනු ලැබේ. එහෙත් ස්වාමින් වහන්සේගේ විනිශ්චය ගැන නොදැන සිටින්නේ අප අතරින් කවරෙක්ද? 1කොරින්ති 6: 2 පාවුල්තුමා උගන්වන පරිදිශුද්ධවන්තයින් ලෝකය විනිශ්චය කරන බව අපි නොදනිමුද? ආශිර්වාද ලත් පාවුල්තුමා වෙහෙස මහන්සි වී වැඩ කළ සහ ඔහුගේ ලිපියේ ආරම්භයේදී ප්‍රශංසා කරන ලද ඔබ අතර එවැනි දෙයක් මා දැක හෝ අසා හෝ නැත. මන්ද, එවකට තිබූ සභා අතරින් ස්වාමින් වහන්සේ දැන සිටි එකම සභාව ලෙස ඔහු ගැන ඔබ ආඩම්බරයෙන් කතා කරයි. එහෙත් [ස්මර්ණාහි] අපි ඔහු දැන නොසිටියෙමු. එබැවින් සහෝදරවරුනි, ස්වාමින් වහන්සේ සැබෑ පසුතැවිල්ල ලබා දුන් ඔහු (වැලන්ස්) සහ ඔහුගේ බිරිඳ ගැන මම අතිශයින් ශෝක වෙමි. මේ කාරණය සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටින්න, එවන් වූ අය සතුරන් ලෙස ගණන් නොගන්න, 2 තෙසලෝනික 3:15. එහෙත් ඔබ ඔබගේ සම්පූර්ණ ශරීරයම ගලවා ගැනීම පිණිස,දුක් විඳින හා නොමඟ ගිය සාමාජිකයන් ලෙස ඔවුන් නැවත කැඳවන්න. මක්නිසාද එසේ ක්‍රියා කිරීමෙන් ඔබ වර්ධනය වන්නහුය. 1 කොරින්ති 12:26

12 වන පරිච්ඡේදය – විවිධ අනුග්‍රහයන්ට අනුශාසනා කිරීම

මක්නිසාද ඔබට ශුද්ධ ලියවිල්ල පිළිබඳ මනා දැනුමක් ඇති බවත් කිසිවක් ඔබෙන් සඟවා නැති බවත් මම විශ්වාස කරමි. එහෙත් මට මෙම වරප්‍රසාදය තවමත් ලබා දී නැත. එම නිසා ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ප්‍රකාශ කර ඇත.කෝප වුණත්පව් නොකරන්න, ඉර ඉසින තුරු ඔබේ කෝපය පවතින්නට ඉඩ නොහරින්න. එපීස 4:26. මෙය සිහිපත් කරන තැනැත්තා සන්තෝෂයෙන් සිටියි. මන්ද ඔබට ඇති ප්‍රශ්නය එය යැයි මා විශ්වාස කරන බැවිනි. එහෙත් අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේ, එසේම දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ සහ අපගේ සදාකාලික උත්තම පූජකයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ඇදහිල්ලෙන් හා සත්‍යයෙන්ද, සියලු මෘදුකමින්, නිහතමානිකමින්, ඉවසීමෙන්, බොහෝ ඉවසිලිවන්තකමෙන්ද සහ නිර්මල බවින්ද ඔබ ගොඩනඟන සේක්වා. එසේම උන් වහන්සේගේ තමන් වහන්සේගේ ශුද්ධවන්තයින් අතර ඔබටත්, එසේම ඔබ සමග අපටත් එසේම ස්වර්ගයෙන් යට සිටින ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන් වහන්සේ මරණයෙන් නැගිටෙවූ උන්වහන්සේගේ පියාණන් වහන්සේ විශ්වාස කරන සියල්ලන්ටත් කොටසක් දෙන සේක්වා.

ගලාති 1: 1. සියලු ශුද්ධවන්තයින් උදෙසා යාච්ඤා කරන්න. රජවරුන්, 1 තිමෝති 2: 2 සහ බලවත් අය, අධිපතීන් සහ ඔබට පීඩා කරන හා වෛර කරන අය උදෙසාද යාච්ඤා කරන්න, මතෙව් 5:44 එසේම කුරුසියේ සතුරන් උදෙසාත්, ඔබේ ඵල සියල්ලන්ටම පෙනෙන පිණිසත්, ඔබ උන්වහන්සේ තුළ පරිපූර්ණ වන පිණිසත් යාච්ඤා කරන්න.

13 වන පරිච්ඡේදය – ලිපි සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් කාරණා

යමෙක් [මෙයින්] සිරියාවට ගියහොත්, ඔහු ඔබේ ලිපිය රැගෙන යා යුතු බව ඔබ සහ ඉග්නේෂස් යන දෙදෙනාම මට ලියූහ. ඔබේ ආශාව ඉටු වන පිණිස, පෞද්ගලිකව හෝ මා වෙනුවෙන් ක්‍රියා කරන වෙනත් අයෙකු තුළින් මට සුදුසු අවස්ථාවක් ලැබුණහොත් මම එම ඉල්ලීම සලකා බලන්නෙමි.

ඉග්නේෂස් විසින් අප වෙත ලියන ලද ඔහුගේ ලිපි සහ අප සතුව ඇතිඅනෙකුත් සියලුම (ඔහුගේ ලිපි) ඔබ ඉල්ලූ පරිදි අපි ඔබ වෙත එවීමු. ඒවා මෙම ලිපියට සම්බන්ධ වන අතර, ඒවා මගින් ඔබට බොහෝ ප්‍රයෝජන ලැබිය හැකිය. මක්නිසාද ඒවායින් ඔබගේ ඇදහිල්ල හා ඉවසීම ගැනත් අපගේ ස්වාමින් වහන්සේ තුළ වර්ධනය වීමට නැඹුරු වන සියල්ල ගැනත් පවසා ඇති බැවිනි. ඉග්නේෂස් සහ ඔහු සමඟ සිටි අය පිළිබඳ ඔබ වෙත ලැබී ඇති නිශ්චිත තොරතුරු පිළිබඳ අප දැනුවත් කිරීම යහපත් වනු ඇත.

14 වන පරිච්ඡේදය – අවසානය

මම ඔබට ලියා ඇතිමේ දේවල් ක්‍රෙසන්ස් විසින් ලියා ඇත. වර්තමානයේ මේ කාලය දක්වා මම ඔබට නිර්දේශ කර ඇති අතර, තව දුරටත් නිර්දේශ කරමි. මක්නිසාද ඔහු අප අතර මෙන්ම ඔබ අතරද නිර්දෝෂී ලෙස ක්‍රියා කර ඇති බව මම විශ්වාස කරමි. එපමණක්ද නොව, ඔහුගේ සහෝදරිය ඔබ වෙත පැමිණෙන විට ඔබ ඔබ ඇයව අගය කරන්න. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සුරක්ෂිතව සිටින්න. අනුග්‍රහය ඔබ සැමට වේවා.

ආමෙන්.