ජස්ටින්තුමාගේප්‍රාණ පරිත්‍යාගය

The Martyrdom of Justin

ජස්ටින්තුමාගේප්‍රාණ පරිත්‍යාගය

රෝමයේදී දුක් විඳි ජස්ටින්චරිටන්චැරිටෝපියොන් සහ ලයිබීරියානස් යන අයගේ ශුද්ධ වූ ප්‍රාණ පරිත්‍යාගය

1 වනපරිච්ඡේදය – අධිපතියාවිසින් ජස්ටින් පරීක්ෂා කරනු ලැබීම

රූප වන්දනාවේ නොපනත් පක්ෂවාදීකම් තිබූ කාලයේදී, නගරවල සහ රටෙහි සිටි දෙවියන් වහන්සේය භක්තිවන්ත කිතුනුවන්ට එරෙහිව දුෂ්ට නියෝග සම්මත කරන ලදී. එහිදී නිෂ්ඵල දේවතා රූපවලට පූජා ඔප්පු කිරීමට ඔවුන්ට බල කරන ලදී. ඒ අනුව ශුද්ධවන්තයින් අත්අඩංගුවට ගෙන රස්ටිකස් නමැති රෝමයේ අධිපතියා ඉදිරියට පමුණුවන ලදී. ඔහුගේ විනිශ්චය ආසනය වෙත ඔවුන් ගෙන ආ විට ඔහු ජස්ටින්ට කතා කොට, “වහාම දෙවිවරුන්ට කීකරු වී රජවරුන්ට යටත් වන්න”යයි පැවසුවේය. එහෙත් ජස්ටින් මෙසේ කීවේය. අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස්ගේ ආඥාවලට කීකරු වීම වටින්නේය.එහි වරදට පත් කිරීමක් හෝ හෙළා දැකීමක් ඇත්තේ නැත. අධිපතියා වූ රස්ටිකස් මෙසේ කීවේය.“ඔබ ප්‍රකාශ කරන්නේ කුමන ආකාරයේ ධර්ම නියාමක ඉගැන්වීම්ද?”ජස්ටින් එයට මෙසේ පිළිතුරු දුන්නේය. මම සියලුමධර්මනියාමකඉගෙන ගැනීමට උත්සාහ කර ඇත්තෙමි. එහෙත් අවසානයේදී මම සත්‍ය ධර්ම නියාමක එනම් කිතුනුවන්ගේ ධර්මනියාමකපිළිගත්තෙමි. එහෙත් එයබොරු අදහස්දරන්නන් සතුටු නොකරන කාරණයක් බව මම දනිමි. එයටඅධිපති රස්ටිකස් මෙසේ පැවසීය.“ඔබ සතුටු වන ධර්මයන්ඒවාද?, ඔබ අතිශයින්ම කාලකණ්ණි මිනිසෙක්.”“ඔව්, මම ඒවා නිවැරදි මූලධර්මය/ලබ්ධිය ලෙස පිළිපදිනවා”යයි ජස්ටින් කීවේය.අධිපති රස්ටිකස්, “මූලධර්මය යනු කුමක්ද?”කියා ඇසුවේය. අපි කිතුනුවන්ගේ දෙවියන් වහන්සේට නමස්කාර කරන අතර,උන් වහන්සේ ආරම්භයේ සිටම සිටින්නා වූ, දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන වූ මුළු මැවිල්ලේ නිර්මාතෘවරයාණන් වහන්සේ හා එය හැඩගැස්වූ තැනැන් වහන්සේ වන බවත්, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ බවත්, උන් වහන්සේගේ පැමිණීමට පෙර දිවැසිවරුන් විසින් පවසන ලද මනුෂ්‍ය වර්ගයා සමග ජීවත් වන්නට යන ගැලවීමේ කර්තෘවරයාණන් වහන්සේ සහ යහපත් ගෝලයන්ගේ ගුරුවරයා යේසුස් වහන්සේ බවත් අපි පිළිගන්නෙමු, යනුවෙන් ජස්ටින් පැවසුවේය.මිනිසෙකු වන මම, උන් වහන්සේගේ අසීමිත දේවත්වයට සාපේක්ෂව මට කිව හැකි දේ ඉතා වැදගත් යැයි සිතමි.මන්ද දෙවියන් වහන්සේගේ පුත්‍රයා යැයි මම දැන් පවසන ‍උන් වහන්සේ ගැන කලින්ම අනාවැකි පළ කර ඇති හෙයින් එක්තරා අනාවැකිමය බලයක් පිළිගනිමි. මක්නිසාද අනාගතවක්තෘවරු මනුෂ්‍යයන් අතර උන් වහන්සේගේ ප්‍රකාශ වීම පිළිබඳ කලින් පැවසූ බව මා දන්නා බැවිනි.

2 වන  පරිච්ඡේදය – ජස්ටින්තුමාගේ පරීක්ෂණය තවදුරටත්

රස්ටිකස් අධිපතියා“ඔබලා රැස්වන්නේ කොතැනකද?”යයි ඇසීය. “අප රැස්වන්නේ සැම කෙනෙකුම තෝරාගන්නා ස්ථානයේ සහ සැම අයෙකුටම රැස් විය හැකි ස්ථානයක. අප සියල්ලන්ම එකම ස්ථානයකදී හමුවීම ඔබ බලාපොරොත්තු වන්නෙහිද?එසේනොවේ. කිතුනුවන්ගේ දෙවියන් වහන්සේ එක් ස්ථානයකට සීමා වී නොමැති නිසාත්, උන් වහන්සේ අදෘශ්‍යමාන වන නිසාත්,අහසත් පොළොවත් උන් වහන්සේගෙන් පිරී ඇති නිසාත්, ඇදහිලිවන්තයන් විසින් සැම තැනකදීම දෙවියන් වහන්සේට නමස්කාර කරනු ලැබේ,”යයිජස්ටින් පැවසුවේය. රස්ටිකස් අධිපතියා, “ඔබලා එක්රැස් වන ස්ථානය මට කියන්න, නැතහොත් ඔබ ඔබේ අනුගාමිකයන් එකතු කරන්නේ කුමන ස්ථානයටද?”යයි ඇසීය. මම ජීවත් වන්නේ ටිමියෝටීනියානු ස්නානයේ මාටිනස්ට ඉහළින් තිබෙන ස්ථානයකයි; මා රෝමයේ සිටි මුළු කාලය තුළම (මම දැන් දෙවන වරටත් රෝමයේ වාසය කරමි) එවන් හමුවීම් හැරෙන්නට වෙනත් කිසිදු රැස්වීමක් ගැන මම නොදනිමි. යමෙක් මා වෙත කැමැත්තෙන් පැමිණි විට, මම ඔහුට සත්‍යයේ මූලධර්ම සන්නිවේදනය කළෙමි යනුවෙන් ජස්ටින් පැවසුවේය. රස්ටිකස්, “එසේ නම් ඔබ කිතුනුවකු නොවේද?”කියා ඇසුවේය.“ඔව්, මම කිතුනුවෙකු වෙමි”යයි ජස්ටින් පැවසුවේය.

3 වන  පරිච්ඡේදය – චැරිටන් සහ වෙනත් අය පරීක්ෂා කරනු ලැබීම

එවිට රස්ටිකස් අධිපතියා චැරිටන්ට මෙසේ කීවේය. “මට තවදුරටත් කියන්න, චැරිටන්, ඔබත් කිතුනුවෙක්ද?”“මම දෙවියන් වහන්සේගේ අණ පරිදි කිතුනුවෙකු වෙමි,” යයි චැරිටන් පැවසුවේය. රස්ටිකස් අධිපතියා චැරිටෝ නම් කාන්තාවගෙන් මෙසේ ඇසුවේය.“චැරිටෝ, ඔබකියන්නේ කුමක්ද?”මම දෙවියන් වහන්සේගේ කරුණාවෙන් කිතුනුවෙකු වෙමි”යනුවෙන් චැරිටෝ පැවසුවාය. රස්ටිකස් ඉයුල්පිස්ටස්ට කතා කොට, “ඔබ කුමක් පවසන්නේද?”යයි ඇසීය. සීසර්ගේ සේවකයෙකු වන ඉයුල්පිස්ටස් පිළිතුරු දෙමින්, “මමත් කිතුනුවෙකු වෙමි. ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන නිදහස් කරන ලදුව ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයෙන් මම එකම බලාපොරොත්තුවෙහි හවුල්කරුවෙක් වෙමි”යයි පැවසුවේය. රස්ටිකස් අධිපතියා හයිරැක්ස් අමතා, “ඔබ කිතුනුවෙක්ද?”යයි ඇසීය.“ඔව්, මම එම දෙවියන් වහන්සේටම ගරු බියෙන් යුක්තව නමස්කාර කරන නිසා මමත් කිතුනුවෙකු වෙමි,”යයි හයිරැක්ස් පැවසුවේය.එවිට රස්ටිකස් අධිපතියා “ජස්ටින් ඔබලාකිතුනුවන් බවට පත් කළාද?”යයි ඇසුවේය. “මම කිතුනුවෙකු වීමි. එසේම තවදුරටත් කිතුනුවෙකු ලෙස ජීවත් වන්නෙමි”යනුවෙන් හයිරැක්ස් පැවසුවේය. එවිට පීයෝන් නැගිට “මමත් කිතුනුවෙකු වෙමි”යයි කීවේය. රස්ටිකස් අධිපතියා“ඔබට ඉගැන්වූයේ කවුද?”යයි ඇසුවේය. පීයොන් එයට “අපගේ දෙමව්පියන්ගෙන් අපට මෙම යහපත්ඇහිල්ලලැබුණි”යයි පැවසුවේය. “මම ජස්ටින්ගේ වචන මගේම කැමැත්තෙන් ඇසුවෙමි. එසේ වූවත් මගේ මගේ දෙමව්පියන්ගෙන් මම කිතුනුවෙකු වීමට ඉගෙන ගතිමි”යයි ඉයුල්පිස්ටස් පැවසුවේය. රස්ටිකස් අධිපතියා, “ඔබේ දෙමාපියන් සිටින්නේ කොහෙද?”කියා ඔහුගෙන් ඇසීය. “ඔවුන් සිටින්නේ කපදෝකියාවේ”යයි ඉයුල්පිස්ටස් පැවසුවේය. රස්ටිකස් හයිරැක්ස් වෙත පැමිණ“ඔබේ දෙමාපියන් සිටින්නේ කොහෙද?”යයි ඇසුවේය. ඔහු එයට පිළිතුරු ‍දෙමින් මෙසේ කීවේය. “ක්‍රිස්තුස් වහන්සේ අපේ සැබෑ පියාණන් වහන්සේ වන සේක, උන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල අපගේ මවවේ; මාගේ භූමික දෙමව්පියෝ මිය ගොස් ඇත. ෆ්‍රිජියාවේ ඉකෝනියම්වල සිට මම මෙහි පැමිණියෙමි.”රස්ටිකස් අධිපතියා ලයිබීරියානස්ට කතා කොට මෙසේ ඇසුවේය. “ඔබ කියන්නේ කුමක්ද?ඔබත් කිතුනුවෙක්ද? ඔබ මේ [දෙවිවරුන්ට] නමස්කාර කිරීමට අකමැතිද?”එවිට ලයිබීරියානස් “මම එකම සැබෑ වූ දෙවියන් වහන්සේට නමස්කාර කරන බැවින් මමද කිතුනුවෙකු වෙමි,”යනුවෙන් පැවසුවේය.

4 වන  පරිච්ඡේදය – රස්ටිකස් කිතුනුවන්ට මරණ තර්ජනය කරයි

අධිපතියා ජස්ටින්ට මෙසේ කීවේය. උගත් යයි හඳුන්වනු ලබන, සැබෑ ධර්ම නියාමක දන්නා බව සිතන, ඔබ මෙයට ඇහුම්කන් දෙන්න. ඔබට කසයෙන් තළා ඔබගේ හිස ගසා දැමුවහොත්, ඔබ ස්වර්ගයට නගිනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද? මම මේ දේවල් විඳ දරාගත්තොත්, මට උන් වහන්සේගේ දීමනා ලැබෙනු ඇතැයි මම අපේක්ෂා කරමි. මක්නිසාද යත්, ඒ ආකාරයට ජීවත් වූ සියල්ලන්ට, මුළු ලෝකයම සම්පූර්ණ වන තුරු දිව්‍ය අනුග්‍රහය පවතින බව මම දනිමි යයි ජස්ටින් පැවසුවේය.එවිට රස්ටිකස් අධිපති, “එසේ නම්, යම් විපාකයක් ලබා ගැනීම සඳහා ඔබ ස්වර්ගයට නගිනු ඇතැයි ඔබ සිතනවාද? යයි ඇසීය. ජස්ටින් පැවසුවේ, මම එසේ සිතන්නේ නැහැ. එහෙත් ඒ බව මාදන්නා අතර එය මට ප්‍රත්‍යක්ෂ වී ඇතයනුවෙනි.රස්ටිකස් අධිපති, “දැන් අපි මේ කාරණය ගැන කථා කරමු. එනම් ඔබ සියල්ලන් එක්වී පැමිණ එක සිතින් මේ දෙවිවරුන්ට පූජාවක් ඔප්පු කරන්න යයි පැවසීය. එයට, නිවැරදි සහ සදාචාරවත් මනසක් ඇති කිසිවෙකුත් ධර්මිෂ්ඨකමින් ඉවත්ව අධර්මිෂ්ඨකමට නොවැටෙනු ඇත යනුවෙන් ජස්ටින් පැවසුවේය. එවිට රස්ටිකස් අධිපතියා මෙසේ පැවසුවේය. “ඔබ කීකරු නොවන්නෙහුනම් අනුකම්පා විරහිතව ඔබ දඬුුවම් ලබනු ඇත. දඬුවම් කරනු ලැබුවද අපගේ යාච්ඤාව තුළින් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ නිසා අපට දඬුවමින් ගැලවීම ලදහැකිය. මක්නිසාද යත්, මෙය අපගේ ස්වාමින් වහන්සේ හා ගැලවුම්කරුවාණන් වහන්සේගේ වඩාත් බියජනක මෙන්ම විශ්වීය වන විනිශ්චය ආසනය ඉදිරියේ ගැලවීම හා විශ්වාසය බවට පත් වන බැවිනි යයි ජස්ටින් පැවසුවේය.එවිට අනෙක් ප්‍රාණ පරිත්‍යාගීහුද මෙසේ කීහ: “අප කිතුනුවන් වන බැවින් අපි පිළිමවලට පූජා ඔප්පු නොකරන්නෙමු.ඔබ කැමති දෙයක් අපට කරන්න.”

5 වන  පරිච්ඡේදය – මරණ දඬුවම ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කරනු ලැබිණි 

“දෙවිවරුන්ට පූජා ඔප්පු කිරීම සහ අධිරාජ්‍යයාගේ අණට යටත් වීම ප්‍රතික්ෂේප කළමෙම මනුෂ්‍යයින්ට කසයෙන් තළා, නීතියට අනුව හිස ගසා දැමීමේ දඬුවම ක්‍රියාත්මක කරන්න”යයි පවසමින් රස්තිකස් අධිපතියා විසින් මරණ දණ්ඩනය ප්‍රකාශයට පත් කරනු ලැබිණි. ශුද්ධ වූ ප්‍රාණ පරිත්‍යාගීවරු දෙවියන් වහන්සේ මහිමයට පත් කරමින්, ඔවුන් හිස ගසා දැමීමට සූදානම් කර ඇති ස්ථානයට ගිය අතර එහිදී ඔවුන්ගේ හිස ගසා දමනු ලැබිණි. එසේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ ප්‍රකාශ කිරීම පිළිබඳ ඔවුන්ගේ සාක්ෂිය සම්පූර්ණ කරනු ලැබිණි. අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අනුග්‍රහය ඇතිව ක්‍රියා කරමින් සමහර ඇදහිලිවන්තයෝ ඔවුන්ගේ සිරුරු රහසින් ඉවත් කර සුදුසු ස්ථානයක තැබූහ. ‍ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට මහිමය වේවා. ආමෙන්.